Thursday, September 27, 2012








තවත් එක් ආදර කතාවක්....


"ඇය" තනි තරුවක්. අසරණව තනිවූ ඇය ජීවිතේ සුන්දරම කාලය විදවන්නට සිදු උනා. ඇය මගේ හොද මිතුරියක්. අපි හිටියෙ එකම නේවාසිකාගාරයෙ කිට්ටුම ඇදන් දෙකක.ඇය ඉතාම ලස්සනයැයි මං කියන්නෙ නැහැ. ඒත්  ඇගේ මොකද්දෝ අමුතු  සිත් ඇද ගන්නා බවක් තිබුනා.ඔහු සිටියෙ අපේ විශ්වවිද්‍යාලයේමයි  ඔහු ඇගේ හොදම මිතුරා වුනා . මේ දෙදෙනා අතර ආදරයක් නොතිබුනත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ඉතා සමීප වූ අතර බොහෝ දේවල් දෙදෙනාට පවසා  ගත්තා. පොඩි උන් වගේ  විහිලු කර ගත්තා තරහ වුනා. ආයෙමත් මහ හඩින් සිනාසුනා, විශ්වවිද්‍යාලයේ නිතරම මොවුන් හමු උනා. බංකු වල ගස් කොට උඩ තාප්ප උඩ මේ දෙදෙනා ඉන්නා එක පුරුද්දක් බවට පත් උනා. ඔවුන්ගේ මිතුරන් වෙච්ච අපි තියා ගුරුවරුන් පවා හිතුවෙ මොවුන් ආදරවන්තයින් කියල. තරුණියකට හා තරුණයෙකුට සෑමදාම හොදම යහලුවන් වීමට බැරි යැයි හැම දෙනාම විශ්වාස කලා. කල් ගත වෙත්ම හැමෝගෙම විශ්වාසය තහවුරු කරමින් ඇගේ සිත ක්‍රමයෙන් ඔහු වෙත ඇදී ගිය අතර ඔහුගේ සිතද ඇය වෙත ඇදී ගිය බවද පෙනෙන්නට තිබුනා.

 නමුත් ඔවුන් දෙදෙනාම එකිනෙකාට තම ආදරය හැංගුවා.ඔහුට ඇය හමුවීමට නොහැකි වූ දින වල නේවාසිකාගාරය තුලට වී ඇය රහසින්ම හැඩුවා. ඇත්තෙන්ම ඇය ඔහුට බොහෝම ආදරය කලා. එත් ඇය එය පිටතට පෙන්වූයේ නැහැ. එමෙන්ම ඔහුටද ඇගෙව්වේ නැහැ. ගැන ඔහුට ඉගියක් වත් ලබාදීමට ඇය ඉඩ දුන්නේ නැහැ. නිතරම ඇය එයින් ඔහුව මග ඇරියා. නැමුත් ඔවුන්ගේ මිතුරු කම වෙනස් වූයේ නැහැ. නමුත් ඔහු ආදරය මාතෘකාව කරගත් හැමවිටම ඇය මග ඇරියා. ඒත් ඇගේ ඇස් වලින් ආදරය හංගන්න පුලුවන් උනේ නැහැ. එම එම විශ්වවිද්‍යාලයට එක් තරුණියක් අලුතින් පැමිනෙන තුරු මේ දේවල් මේ විදියට සිද්ද උනා. එම තරුණිය මගේ මිතුරියගේ පැරණි මිතුරියක්. එයින් එම තරුණිය ඔහු සමගද බොහෝ හිතවත් උනා. නොදැනීම තරුණිය ඔහු සමග වැඩිපුර ඇසුරු කරන්න උනා. මගේ මිතුරියගෙන් සුභවාදී ප්‍රතිචාරයක නොලැබීම නිසා ඔහු ඇයව අමතක කර එම තරුණියට ආදරය කරන්න පටන් ගත්තා.ඔහු මේ බව මගේ මිතුරියට කිව්ව. ඔහු මේ සදහා ඇයගෙන් ගෙන් උදවු ඉල්ලුවේ ඇය තමාට අකමැති බව තහවුරු වීම නිසා. එලෙස පෙනෙන්නට ඇය කටයුතු කල නිසා. නමුත් එයින් ඇගේ සිත රිදුන තරම් ඔහු දැන සිටියේ නැහැ . ඒත් ඇය හැමදෙයක්ම හිතයට හංගාගෙන ඔවුන්ට උදවු කලා. කෙසේ හෝ ඔහු අලුතින් පමිණි තරුණිය හා සම්බන්ධතාවක් පටන් ගත්ත.

එදින රෑ නේවාසිකාගාරය තුලට පැමිණි ඇය තම වෛද්‍ය වාර්තා පපුවට තුරුලු කරගනිමින් හොදටම ඇඩුවා. එත් ඒව කාටවත් ඇහුනෙවත් පෙනුනෙවත් නෑ.ඇය ඇත්තෙන්ම පිළිකා රෝගියෙක්. ඇය තව ජීවත් වන්නේ සුලු කාලයක් බව ඇය දැනගෙන හිටියා. ඇය ඔහුව මග හැර සිටියේ නිසා බව ඇය කාටවත් කිව්වෙනෑ. ඇය මේ බව මං දැන ගත්තට පසු මටවත් ඔහුට කියන්න ඉඩ දුන්නෙ නැහැ. ඇය කිව්වෙ එයින් ඔහු ගේ ජීවිතයම විනාශ වෙයි කියල විතරයි. ඔන්න ඔය විදියට ඇගේ පලමු හා අවසාන ආදරය ඇයට අහිමි උනා. හිත හදාගන්න උත්සාහ කලත් ඇය එය පහසු උනේ නැහැ. විදියට ඇය ඇගේ ආදරය වෙන කෙනෙකුට දීල නිහඩ උනා. හැමදේම හිතයටට ගුලිකරගත්තු නිසා ඒව හිතටත් බර වැඩි උනා. එයා  ඊට අවුරුද්දකට විතර පස්සෙ අපෙන් සදහටම ඈත් උනා. ඒත්  ඇය එදා නිදාගනිද්දි මුමුණපුදේ මට තාම ඇහෙනව වගේ "මගෙ පපුව... අනේ මගෙ පපුව රිදෙනවා..... "
 ~dul~

No comments:

Post a Comment