Sunday, January 13, 2013














කදුලේ රසය දෙතොලම මත දැනුනු විට 
නැවතුනු ලෙසක් දැනුනා මගෙ හුස්ම පොද ....
සිහිනේ තියා කලුවර ලග බිදී ගිය
බොදවූ නෙතින් බැලුවෙමි නුඹ හඩන දෙස....

නපුරුව අපේ ඉරණම බොදවෙලා ගියා
නුඹගේ සුසුම් කදුලැලි මත පෙගී ගියා....
ලද ජීවිතේ උරුමය කෙටි වුනා කියා
නුඹගෙම කැමැත්තෙන් නුඹ යන්නටම ගියා....

සසලව වැටුනු මගෙ සීතල කදුලු කැට
නිසසල නුඹේ දෙකොපුල් මත වැටුනි තව....
නුඹ කී ලෙසින් බැරි වුනි හැර යන්න මට
මොහොතින් පමා වුනි නුඹ වලකන්න මම......

සදහට අපට හිමි වූ සුසුමන් අතර
විගසින් නතර වී තිබුනා ජීවිතය.....
අතැගිලි වලින් නුඹගේ ගුලි කර සිටිය
වැටුනා නුඹම හිස් කල වස බෝතලය.....
~dul~








නෙතුකදුලු පිසදමන
හමන පෙම් සුලග මැද....
සිත් අහස කලඹගෙන
සුසුම් රැල් නැගුනි තව....
 
 ඇහෙන නෑහෙන තරම් 
ගැහෙන හිත හිර කරන්....
අසුරු සැනෙකින් ගිලී
ඇසිපියේ ඇදුනි රුව...

අන්සතු බවද නොදැන
හදවතම සින්න කර....
නිල් අහස තරමටම
ඔහුට පෙම් කලෙමි මම....
~dul~