Thursday, September 27, 2012








තවත් එක් ආදර කතාවක්....


"ඇය" තනි තරුවක්. අසරණව තනිවූ ඇය ජීවිතේ සුන්දරම කාලය විදවන්නට සිදු උනා. ඇය මගේ හොද මිතුරියක්. අපි හිටියෙ එකම නේවාසිකාගාරයෙ කිට්ටුම ඇදන් දෙකක.ඇය ඉතාම ලස්සනයැයි මං කියන්නෙ නැහැ. ඒත්  ඇගේ මොකද්දෝ අමුතු  සිත් ඇද ගන්නා බවක් තිබුනා.ඔහු සිටියෙ අපේ විශ්වවිද්‍යාලයේමයි  ඔහු ඇගේ හොදම මිතුරා වුනා . මේ දෙදෙනා අතර ආදරයක් නොතිබුනත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ඉතා සමීප වූ අතර බොහෝ දේවල් දෙදෙනාට පවසා  ගත්තා. පොඩි උන් වගේ  විහිලු කර ගත්තා තරහ වුනා. ආයෙමත් මහ හඩින් සිනාසුනා, විශ්වවිද්‍යාලයේ නිතරම මොවුන් හමු උනා. බංකු වල ගස් කොට උඩ තාප්ප උඩ මේ දෙදෙනා ඉන්නා එක පුරුද්දක් බවට පත් උනා. ඔවුන්ගේ මිතුරන් වෙච්ච අපි තියා ගුරුවරුන් පවා හිතුවෙ මොවුන් ආදරවන්තයින් කියල. තරුණියකට හා තරුණයෙකුට සෑමදාම හොදම යහලුවන් වීමට බැරි යැයි හැම දෙනාම විශ්වාස කලා. කල් ගත වෙත්ම හැමෝගෙම විශ්වාසය තහවුරු කරමින් ඇගේ සිත ක්‍රමයෙන් ඔහු වෙත ඇදී ගිය අතර ඔහුගේ සිතද ඇය වෙත ඇදී ගිය බවද පෙනෙන්නට තිබුනා.

 නමුත් ඔවුන් දෙදෙනාම එකිනෙකාට තම ආදරය හැංගුවා.ඔහුට ඇය හමුවීමට නොහැකි වූ දින වල නේවාසිකාගාරය තුලට වී ඇය රහසින්ම හැඩුවා. ඇත්තෙන්ම ඇය ඔහුට බොහෝම ආදරය කලා. එත් ඇය එය පිටතට පෙන්වූයේ නැහැ. එමෙන්ම ඔහුටද ඇගෙව්වේ නැහැ. ගැන ඔහුට ඉගියක් වත් ලබාදීමට ඇය ඉඩ දුන්නේ නැහැ. නිතරම ඇය එයින් ඔහුව මග ඇරියා. නැමුත් ඔවුන්ගේ මිතුරු කම වෙනස් වූයේ නැහැ. නමුත් ඔහු ආදරය මාතෘකාව කරගත් හැමවිටම ඇය මග ඇරියා. ඒත් ඇගේ ඇස් වලින් ආදරය හංගන්න පුලුවන් උනේ නැහැ. එම එම විශ්වවිද්‍යාලයට එක් තරුණියක් අලුතින් පැමිනෙන තුරු මේ දේවල් මේ විදියට සිද්ද උනා. එම තරුණිය මගේ මිතුරියගේ පැරණි මිතුරියක්. එයින් එම තරුණිය ඔහු සමගද බොහෝ හිතවත් උනා. නොදැනීම තරුණිය ඔහු සමග වැඩිපුර ඇසුරු කරන්න උනා. මගේ මිතුරියගෙන් සුභවාදී ප්‍රතිචාරයක නොලැබීම නිසා ඔහු ඇයව අමතක කර එම තරුණියට ආදරය කරන්න පටන් ගත්තා.ඔහු මේ බව මගේ මිතුරියට කිව්ව. ඔහු මේ සදහා ඇයගෙන් ගෙන් උදවු ඉල්ලුවේ ඇය තමාට අකමැති බව තහවුරු වීම නිසා. එලෙස පෙනෙන්නට ඇය කටයුතු කල නිසා. නමුත් එයින් ඇගේ සිත රිදුන තරම් ඔහු දැන සිටියේ නැහැ . ඒත් ඇය හැමදෙයක්ම හිතයට හංගාගෙන ඔවුන්ට උදවු කලා. කෙසේ හෝ ඔහු අලුතින් පමිණි තරුණිය හා සම්බන්ධතාවක් පටන් ගත්ත.

එදින රෑ නේවාසිකාගාරය තුලට පැමිණි ඇය තම වෛද්‍ය වාර්තා පපුවට තුරුලු කරගනිමින් හොදටම ඇඩුවා. එත් ඒව කාටවත් ඇහුනෙවත් පෙනුනෙවත් නෑ.ඇය ඇත්තෙන්ම පිළිකා රෝගියෙක්. ඇය තව ජීවත් වන්නේ සුලු කාලයක් බව ඇය දැනගෙන හිටියා. ඇය ඔහුව මග හැර සිටියේ නිසා බව ඇය කාටවත් කිව්වෙනෑ. ඇය මේ බව මං දැන ගත්තට පසු මටවත් ඔහුට කියන්න ඉඩ දුන්නෙ නැහැ. ඇය කිව්වෙ එයින් ඔහු ගේ ජීවිතයම විනාශ වෙයි කියල විතරයි. ඔන්න ඔය විදියට ඇගේ පලමු හා අවසාන ආදරය ඇයට අහිමි උනා. හිත හදාගන්න උත්සාහ කලත් ඇය එය පහසු උනේ නැහැ. විදියට ඇය ඇගේ ආදරය වෙන කෙනෙකුට දීල නිහඩ උනා. හැමදේම හිතයටට ගුලිකරගත්තු නිසා ඒව හිතටත් බර වැඩි උනා. එයා  ඊට අවුරුද්දකට විතර පස්සෙ අපෙන් සදහටම ඈත් උනා. ඒත්  ඇය එදා නිදාගනිද්දි මුමුණපුදේ මට තාම ඇහෙනව වගේ "මගෙ පපුව... අනේ මගෙ පපුව රිදෙනවා..... "
 ~dul~

Sunday, September 2, 2012






අපරාධය සහ දඩුවම......



මේ කතාව මං මෙහෙම පටන් ගන්නම් කවදාහරි ඔයාලටත් සිද්ධ උනොත් තමන්ගෙ බිරිදව, පෙම්වතියව සැක කරන්න, තමන්ගෙ සැකය සාධාරණයි කියල ඔප්පු වෙනකං, ඒක ගැන පියවරක් ගන්න  හිතන්න එපා. ඔබත් ක්ෂණික කෝපය නිසා වැඩිදුර සිතා නොබලා කරන දේවල් වලින් පසුව පසු තැවීමටත් කළ කිරීමටත් පත් වෙන්න පුලුවන්.

මේක එක් වෛද්‍යවරයෙකුගේ අත්දැකීමක්. මෙම වෛද්‍ය වරයා ලගට එක රෝගියෙක් එනව. වයස අවුරුදු 35ක් 40ක් වන පිරිමි කෙනෙක් එයා තමන්ගෙ වම් අතේ යටි බාහුවෙ එක තැනක දැනෙන වේදනාවක් ගැනයි වෛද්‍යවරයා ගෙන් ප්‍රතිකාර ගන්න අවෙ. "ඩොක්ටර් මගේ අතේ මෙන්න මෙතන ලොකු වේදනාවක් තියෙන්නෙ.  දැන් අවුරුදු 2ක විතර ඉදල මුලින් නම් යන්තන් තිබ්බෙ. ඒත් දැන් වේදනාව හුගක් වැඩියි. මොනව හරි කරන්න මට ඉවසගෙන ඉන්න අමාරුයි". වෛද්‍යවරය ඒ වේදනාව එනව කියපු තැන පරීක්ෂා කලා. ඒ උනත් ඔහුට එතන කිසිම ආකාරයක රෝගයක් අඩුම ගානේ කිසිම වෙනසක් පෙනුනෙ නැහැ. ඔහු එතන x-ray සටහනක් ද ලබා ගත්තා ඒත් කිසිම බාහිර හෝ අභ්‍යන්තර වෙනසක් දැක්කෙ නැහැ. ඔහු ඒ බව රෝගියාට කිව්ව. "මට මෙතන කිසිම ආකාරයක රෝගී  තත්වයක් පේන්නෙ නැහැ. අස්ථි වල වත් රුධිරයේ වත් කිසි ප්‍රෂ්නයක් නෑ. කොටින්ම කියනවනම් ඔබ ඔය රිදෙනව කියල පෙන්වන තැන අතේ අනිකුත් ස්ථාන වගේම හොද නිරෝගියි".

වෛද්‍යවරය හිතුවෙ රෝගිය එම රෝගී තත්වය සිතින් මවා ගත්තු එකක් කියල. ඒත් ඒ රෝගියා පුන පුනා කිව්වෙ තමන්ට ඉවසිය නොහැකි වේදනාවක් එතැනින් දැනෙනව කියලයි. "ප්ලීස් ඩොක්ටර් මට ඉවසන් ඉන්න බැහැ.ඒක දැනෙන්නෙ ඇතුලතින් මේ බලන්න මෙන්න මෙතන දැක්කද?" රෝගියා පෙන්වන තැන රුපියලේ කාසියක් විතර වුනු ලා රතු පාට පැල්ලමක් වෛද්‍යවරයා දැක්ක. ඒක මං කලින් දැක්කෙ නෑනෙ කියපු වෛද්‍යවරයා ආයෙමත් එතන හොදට පරීක්ෂා කරා. "වෙනසක් නෑ" ඔහු කිව්වෙ කිසිම වෙනසක් ඔහු දැකපු නැති නිසා ඒ වගේම ඔහු වෙහෙසට පත් වෙලා හිටියෙ. "අනේ ඩොක්ටර් එතන ඒ පැල්ලම කපල අයින් කරමු. එතකොට හරියාවි.ප්ලීස් ඒක ඔපරේශන් එකක් කරල අයින් කරල දාන්න" ඔහු කිව්වෙ අඩන්න වගේ. එත් කිසිම හේතුවක් නැතුව කෙනෙක් කිව්ව පලියට කෙනෙක්ගෙ ඇගෙන් කොටස් ඉවත් කරන්න වෛද්‍යවරයෙකුට බැහැනෙ. "මිස්ටර් ප්ලීස් මං කියන දේ අහන්න මෙහෙම කිසි හේතුවක් නැතුව එක එක්කෙනාගෙ ශරීර කොටස් අයින් කරන්න මට අයිතියක් නැහැ. මට බැහැ මේක බාර ගන්න."
 ඒ පාර රෝගිය 'ඇනයක්' වීගෙන එනව කියල වෛද්‍යවරයට තේරුනා. ඒත් ඔහු ඉවසගෙන හිටියෙ තමන්ගෙන් ප්‍රතිකාර ගන්න ආපු කෙනෙක් නිසා. ඊට පස්සෙ මේ රෝගිය "ඔයාට බැරි නම් මමවත් ඒක කපල අයින් කරගන්නම්" කියල එක පාරට එතන තිබුන සැත්කම් පිහිය අතට ගත්ත. වෛද්‍යවරයට මේක බලාගෙන ඉන්න බැරි උනා. ඒ නිසා "හරි හරි ඕක නවත්තන්න මං ඒක ඔපරේෂන් කරන්නම්" කියල බාරගත්ත. ඔපරේෂන් එක කරල ඔහු සමේ යන්තන් ගැඹුරට වෙන්න මස් ටිකක් ඉවත් කරා. ඒ රෝගිය ගෙදර ගියේ හරි සැනසිල්ලකින් ඒ වගේම ඒ වෛද්‍යවරයට නොසෑහෙන්න ස්ත්තුති කරමින්....

ඊට අවුරුදු දෙකහමාරකට විතර පස්සෙ ආයෙමත් මේ රෝගිය ඇවිත් ආයෙ පාරක් වේදනාව දැනෙනව කියල අර ඔපරේෂන් එකම කරගෙන තව ටිකක් ගැඹුරට වෙන්න මස් ටිකක් අයින් කරගෙන ගියා. ඒ වෙනකොට ඒ රෝගිය වෛද්‍යවරයත් එක්ක හොද සුහදතාවයකුත් ගොඩ නගාගෙන තිබුන. ඒකෙන් ඒ වෛද්‍යවරයට ඒ රෝගියව හොදින් මතක තිබුනා.වැඩේ ටිකක් විතර අමුතුයි නෙ.ඊට අවුරුදු 3කට විතර පස්සෙ මේ රෝගියා සියදිවි නසාගෙන තිබුන. ඔහුගේ නීතීඤ්ඤවරය අර වෛද්‍යවරයට ඒ රෝගිය විසින් ඒ ඔහුගේ අන්තිම කැමැත්ත අනුව යොමු කරපු ලිපියක් ලැබෙන්න සැලැස්සුව.ඒකෙ තිබ්බෙ මෙන්න මේ වගේ කතාවක්...

"ඩොක්ටර් මේ ලිපිය ලියන මා ඔබට මතක ඇතැයි සිතනව. අතේ වේදනාවට දෙවරක් ඔබ ලවා බලෙන් ඔපරේෂන් කරගත් තැනැත්තා මම. මගේ මේ ලිපිය ඔබ අතට පත්වන විට මා ජීවතුන් අතර සිටීවි යි මා විශ්වාස කරන්නේ නැහැ . මන්ද මා මෙය ලියා මගේ ඉරණම වෙත යාමට බලාපොරොත්තු වන නිසා. ඉන් පෙර මාගේ දුක්බර ජීවිත කතාව ඔබ වෙත ඉදිරිපත් කිරීමට තීරණය කරා.

මම මීට අවුරුදු 8කට පමණ පෙර විවාහ උනා. මගේ බිරිද සුන්දර අහිංසක යුවතියක්. ඇය දෙමාපියන් නෑදෑයින් කිසිකෙනෙක් නැති කෙනෙක්  වුනත් එය මගේ විවාහයට බලපෑවේ නැහැ. ඒ මමත් මගේ පවුලෙන් ඉවත්ව කටයුතු කල නිසා.මගේ පවුල හිටියෙ ස්වීඩන් වල. මගේ තාත්ත ගෙනිච්චෙ ඒකාධිපති පාලනයක්. මං ඒ රට දාල අවේ ආයෙත් එහෙ යන්නෙ නෑ කියල හිතාගෙන. මගේ බිරිද මේරි කුඩාකල සිට හැදීවැඩුනේ කන්‍යාරාමයක. අපේ විවාහ උත්සවයට පවා සිටියේ මගේ ලගම මිතුරන් දෙදෙනෙකු හා කන්‍යාරාමයේ ඇගේ මිතුරියන් හා මවුතුමියන්. අපි විවාහ වී අවුරුද්දක් පමණ කාලයක් සතුටින් සිටිය.
එකම දෙයක් හැරෙන්න ඇගේ කිව හැකි කිසිදු වරදක් මා දුටුවේ නැහැ. කණ්ණාඩි  මේසයේ ඇගේ වෙනම ලාච්චුවක් තිබුන. එහි යතුර නිතරම තිබුනේ ඈ ලග. එය ඇතුලේ තිබෙන්නේ මොනවාදැයි නිකමටවත් ඇය මට පැවසුවේ නැහැ. එය මා අරිනවාටත් ඇය කැමති උනේ නැහැ. ඒ පිළිබදව ඇගෙන් අසන්නට මට හැකියාවක් තිබුනෙ නැති උනත් එහි තිබෙන දේවල් ගැන මට තිබුනෙ ලොකු කුතුහලයක්. ඒක් දැන ගන්න මට ඉවසුම් නැති උනා. ඇය දවසක් ඇගේ මිතුරියක් හමුවීමට කන්‍යාරාමයට ගිය අවස්ථාවක එය ඇර බැලීමට මට හැකි උනා. ඒ මා කලින්ම එහි අගුලට ගැලපෙන යතුරක් සාදාගෙන තිබුනු නිසා. මා දුටුවේ මොනවාද ඔබට නම් උපකල්පනය කිරීමට බැරි වේවි. එහි තිබුනේ රතු පැහැති රිබන් පටියකින් ඔතන ලද ලියුම් මිටියක්. මට මාගේ ඇස් අදහා ගන්නට බැරි උනා. වැරැද්දක් බව දැන දැන ත් මං ඒ ලියුම් කැඩුවෙ ඒව මගෙ බිරිදගෙ නිසා මට අයිතියක් ඇති බව හිතමින්. ඒ තුල මා දැක්කේ මොනවාද අහෝ ඒ සියලුම ලියුම් ලියා තිබුනේ මගේ හොදම මිතුරා විසින්. ලියන ලද ලියුම් වල ඔහුගේ අත් අකුරු, අත්සන පැහැදිලිව තිබුන.  මට ඒ වෙලාවේයි වැටහුනේ මගේ අවංක බිරිද මට  හැංගුවේ මොනවාද කියන එක. ඇය මගේ හොදම මිතුරා සමග රහස්  සම්බන්ධයක්...මම මේරි බැලීමට කන්‍යාරාමයට යන බොහෝ අවස්ථා වල ඔහුත් මා සමග එහි ගියා ඒවගේම මගේ විවාහයට අත්සන් කරෙත් ඔහු. මට ඔහු ගැන ඇතිවුනෙ පුදුම තරහක් ඒ වගේම මගේ බිරිද ගැනත්, ඒ ලියුම් කියවද්දි ඒවගෙ තිබුණු දේ වල් දකිද්දි මගේ ඇග කිලි පොලා ගියා... ඒවගෙ මා ගැනත් සදහන් කරල තිබුණ. මට  අහුනොවී ඒ ලියුම් තියා ගන්න කියලත් කියල තිබුන. ඒවල තිබ්බ ආමන්ත්‍රණ පද දැකල මාව කෝපයෙන් වියරු වෙලා හිටියෙ. එහෙනම් මෙයයි සෙල්ලම. මට හොරෙන් හැමදේම සිද්ද වෙනව. මම මටම කියාගත්ත. ඇත්තටම ඇය අවංක මූණක් මට පෙන්නගෙන ඉදල මාව අපූරුවට රවට්ටල තිබුන. ඒ ලියුම් නැවත තිබුනු විදියට අමුණල මම සද්ද නැතුව හිටිය.

මගේ බිරිද ආපහු ගෙදර ආවෙ හුගක් හවස් වෙලා. ඇය සුපුරුදු පරිදි ගෙදරට ඇතුල් වෙන කොටම මට කතාකරගෙන මගේ තුරුලට දුවගෙන ආව. මමත් වෙනසක් නොපෙන්වා හැසිරුනා. ඒත් මගේ හිතේ තිබුනෙ අර ලියුම් ගැනමයි. එදා මුලු රෑම මේරිව දකින දකින වාරයක් ගානෙ මගේ හිතට ආවෙ අර ලියුම් වල තිබුණු දේවල්. මට මාව පාලනය කරගන්න බැරි තරමේ කේන්තියක් හිතට දැනුන.
එදා රෑ මට මොහොතක් වත් නින්ද ගියේ නැහැ. මගේ මිතුරා ගෙන් හා මේරි ගෙන් පලිගන්න කං මට සැනසීමක් නැති බව මටවැටහුනා. දුර දිග බලන්නැතුව මං ගත්තු ඒ තීරණේට අදත් මං පසුතැවෙනවා.මේරි නිදා ගෙන ඉන්දෙද්දිම මං ඇගේ ගෙල සිර කරා. මට මාව පාලනය කර ගන්න බැරි උනා. ඇයට ඇහැරුනත් වචනයක් වත් කියා ගන්නවත් කෑගහන්නවත් පුලුවන් කමක් තිබුනේ නැහැ.. ඇය මාදෙස බලා සිටියෙ තරහකින් නෙවේ. පුදුමයකින්. මගේ හිතේ තිබුනු තරහ මං පිටකලේ එහෙම. මං කිසි දෙයක් එයාගෙන් අහන්නෙම නැතුව ගෙල සිර කරල මරල දැම්ම.ඔව් මගේ අත් දෙකින්ම එයාව මරල දැම්ම. ඊට ටික වෙලාවකට පස්සෙයි මං කරපු වැඩේ බරපතල කම මට තේරුනේ. මට තේරුණා වහාම මිනිය සගවන්න ඔනෙ කියල නැත්තන් මං අමරුවෙ වැටෙන බවත් තේරුනා. මං ගෙදරට ටිකක් එහායින් තියෙන කලෑරොදක ඇගේ මිනිය වැලලුවා. මට මහා කළ කිරීමක් දැනුන මං ගැනම.ඒවගේම පසුතැවීමකුත්. ඒත් දැන් කරන්න දෙයක් නැහැ.මගේ ආරක්ෂාව මංම සලසගන්න ඕනෙ මට හිතුනෙ එහෙම. මේරිට නෑදෑයින් කවුරුත් නැහැ.ඒක හොදට ගියා. ඒත් කන්‍යාරාමෙ අය මේ ගැන සැක හිතන්න පුලුවන්. මාසයක් දෙකක් ඇය නැති උනාම.

මං දින දෙකකට පසු උදෙන්ම කන්‍යාරාමෙට ගියා. මගේ තාත්ත අසනීප වෙලා හදිස්සියෙම මේරිට එහේ යන්න උනා.මමත් අද එහෙ යනව.සමහර  විට අපි ආයෙ නොඑන්න පුලුවනි. මං  කන්‍යාරාමෙ අයගෙන් සමුගත්ත ඇත්තටම මං සැලසුම් කරගෙන හිටියෙ ආයෙ නොඑන්නම ඒ පලාතෙන් පිටවෙලා මෙහෙට ඇවිත් තනියම ජීවත් වෙන්න.මේ පලාතෙ මං අදුරන කිසි කෙනෙක් නැති නිසා. මං එහෙන් පිට වෙලා එද්දි මේරිගෙ හොදම මිතුරිය ඩේසි (ඔව් මේරි ඇයව මට අදුන්වල දීල තිබුනෙ) මගේ පිටිපස්සෙන් එනව දැක්ක. "ඩේවිඩ් පොඩ්ඩක් නවතින්න මට පොඩි උදව්වක් ඕනෙ" ඇය කීවෙ එහෙම. "මොකද්ද?  මට පුලුවන් දෙයක් නම්..." "ඔව් අපි යමු ඔයාලගෙ ගෙදර" ඇය කීවෙ රහසින්. මං පුදුම උනා. ඒත් බෑ කියන්න බැරි නිසා මං ඇයත් එක්ක නිවසට ආව. "මේරි එක පාරටම ගිය එක පුදුමයි නෙ" ඇය කීව. "එයා මට  දෙන්න කියල මුකුත් තියල ගියේ නැද්ද?" ඇය ඇසුව. "අහ්... එහෙනම් ඇයට අමතක වෙන්න ඇති හදිස්සියට"ඇය ආපහු කිව්ව. "මම පොඩ්ඩක් මේරිගෙ කාමරේට යන්නද?" කියල ඇහුව. මමත් ඉඩ දුන්න මොකද වෙන්නෙ බලන්න.ඇය මාව පුදුමයට පත් කරමින් ගියේ අර මේරිගෙ කණ්ණාඩි මේසෙ ලාච්චුව ලගට. "මේකෙ යතුර එයා ඔබට දුන්නද?" මං වචනයක් වත් කතා නොකර මගේ ලග තිබුනු හොර යතුර ඇයට දුන්න.ඇය ඒකෙන් ලාච්චුව ඇරල අර ලියුම් මිටිය එලියට ගත්ත." අහ්..! මේ තියෙන්නෙ" ඇගේ මුවින් පිට වුනේ සැනසුම් සුසුමක් "ඩේවිඩ් ඔය විදියට පුදුම වෙලා මං දිහා බලන් ඉන්න එපා. මං හැම දෙයක්ම කියන්නම්. ඔයාගෙ යාලුව රොබට්, එයත් එක්ක මගේ සම්බන්දයක් තියෙනව, ඇය  කීවෙ මූණ බිමට හරවගෙන. මං කැමති උනේ නැහැ ඒක ඔයා වත් දැන ගන්නවට. රොබට් වෙන ආගමක ඒ වගේම එයාට අපේ මවුතුමීල කැමති නැහැ. අන්‍යාගමිකයෙක් නිසා මට කිව්ව වැඩිය ඔහුව ඇසුරු කරන්න එපා කියල. ඔවුන් දැන ගත්ත නම් මගෙයි ඔහුගෙයි මේ සම්බන්දය ඔවුන් මේකට තදින්ම විරුද්ධ වෙනව. ඒකයි මට ඔහු එවපු ලියුම් මං ලග තියා ගන්න බැරි උනේ මේරි මගේ හොදම මිතුරිය පොඩි කාලෙ ඉදන්ම අපි හැදුනෙ සහෝදරියො වගේ. ඒකයි ඒ ලියුම් ටික පරිස්සම් කරල තියන්න කියල මං ඇයට දුන්නෙ. ඇය ඒක බාර ගත්තෙ සතුටින්. මමයි ඇයට කීවෙ ඒක ඔබෙන් හංගන්න කියල එය ඇගේ වැරැද්දක් නෙවේ. ඇයට මුකුත් කියන්නෙපා.." ඇය පවසුවේ තතනමින් "මම දැන් යන්න ඕනෙ මවුතුමීට කියල ආවෙ ඔබව හමුවන්න යනව කියල මං මෙහේ ආපු බව එයාල දන්නෙ නැහැ.." කිවූ ඇය මගෙන් සමුගෙන පිටවී ගියා.

ඔබට සිතාගත හැකිද මං පත්වෙච්ච තත්වය ?? මට වචනයක් වත් කියන්න හැකියාවක් තිබ්බෙ නැහැ. ජීවිතේ කිසිම දවසක නොවුනු විදියට මට මහා පසුතැවීමක් දැනුන. මගේ අහිංසක මේරි කවදාවත් තුන් හිතකින්වත් මට වැරැද්දදක් නොකරපු ඇයව මං මරලදාපු බව මතක් වෙද්දි මගේ මුලු ඇගම හිරිවැටුනා. මාව මහ ආගාධයකට ඇදගෙන වැටුන වගේ දැනුන.ඒත් දැන් මොනව කරන්නද?? හැමදේම අවසන් වෙලා ඉවරයි...මා ඇගේ ගෙල සිර කරද්දි ඇයගේ තොල අගින් ආපු ලේ බිංදුවක් මගේ වම් අතේ යට බාහුවට වැටුනා.ඒ වෙලාවෙ මට ඒක අයින් කරන්න විදියක් තිබුනෙ නැහැ. ඒක එහෙම්ම වේලිලා ගියා.... පස්සෙ අවුරුද්දකට විතර පස්සෙයි එතනින් දරාගන්න බැරි වේදනාවක් ආවෙ. එතන ඒ ලේ පැල්ලම තාම තියෙනව, මං  ඒක ඔපරේෂන් කර ගත්තට ඒක හරි යන්නේ නැහැ. එතනම තව තවත් ඇතුලට වෙන්න රිදෙනව. එතනින් අත කපල දැම්ම නම් ඒ වේදනාව නැතිවෙන බව මං දන්නව. ඒත් මගේ අහිංසක මේරිට මං කරපු අපරාධය මතක් වෙනකොට මට තවත් මේ හිතේ වේදනා ව දරාගෙන ජීවත් වෙන්න බැහැ. මම ඒ නිසා තීරණයක් ගත්ත... හෙට උනත් කිසි කෙනෙක්ගෙ අතින් මේ වගේ දෙයක් නොවෙන්නයි මේ කතාව ඔබට කියන්න හිතුවෙ..."
 ~ප්‍රකාශයට පත්වූ කතාවක් ඇසුරිනි~
**********************************************************************************

Saturday, September 1, 2012





සෙනෙහසේ මල් මිටක්
විසිරුණා මග දිගට.....
අහිංසක නුඹෙ මුවග
රැදුනු හසරැල් ලෙසට....
මගේ ලොව එකලු වුනෙ
නුඹේ ඔය ඇස් දෙකට....
සිනාසී කියනු මට
"ආදරෙයි මම නුඹට....."

~dul~


නුඹ නොදන්නවා ඇති
මටත්  නොකියම හොරෙන්...
තනි වෙච්ච මගේ හිත
නුඹට පෙම් කරන බව....

දකින හැම මොහොතකම
මගේ නෙතුපිය අතර...
නුඹේ රුව සිර වෙලා
සිතට ඉගි කරන බව...

රැදෙන විට මතකයේ
උණුහුමට ගුලි වෙලා...
ඔය තුරුලෙ දැවටෙන්න
සිත පෙරුම් පුරන බව....

කාටවත් නොකියාම
මැවෙන ඔය රුව මගේ...
හිත් කොනක ගුලි කරන්
නුඹට පෙම් කරන බව....

~dul~


කවුරුන්ද ඔබ මා නොහදුනන
සිහිනයෙන් වත් හදට නොවඩින....
වැයෙන සත්සර නද අතර තුර
ඇසෙයි නුඹෙ හද ගැහෙන රිද්මය....

සත්සියක් ගවු පුරා විහිදුන
අදුරු වූ නුඹ කුස සිසාරා....
හමා එන මල් සුවද අතරින්
නැගේ නුඹෙ සුවදත් විටින් විට....

දෙනෝ දාහක් දනන් පිනවන
ඈත කදු මුදුනින් ගලා එන...
සුසුදු පෙණ කැටි අතර රග දෙන
ඇසේ ගං දිය අතර නුඹෙ හඩ....

ඈත සිතිජයෙ සිට හමා එන
නුඹෙ සුසුම් රැල් වලින් කැලඹුන....
සයුරු රළ පෙල ගුවන සිප ගෙන
කියයි නුඹ මා ලග සිටින බව....

~dul~

ඈත සද අරන් එන
තරු නැතත් රෑ අහසෙ පායන
කලුවරට ඉගි කරන
හීනයක්....

සීත රෑ යාමෙක
යායකට මල් පූදින
පිච්ච මල් සුවද පිරි
හීනයක්....

ගවු දහස් ගණනකට
විහිදෙනා අහස දෙස
දෑස් හැරගෙන දකින
හීනයක්....

ජීවිතය මුමුණන
ගීතයක් වී නම් ගලායන
කිසිදාක නොලැබෙනා ආදරය
හීනයක්....

~dul~